patiz zone

Agri with me


1 Comment

ශාක රෝග

ශාක රෝග:

ශාක රෝගයක් ලෙස හැදින්වෙන්නි යම් කිසි ශාකයක ඇති වෙන ආස්වාභාවික තත්වයයකි.මෙහිදී ශාකයේ කායික විද්‍යාත්මක ක්‍රියාවලියේ වෙනසක් දැකි හැකි වේ.

ශාක රෝග ද ඇති වීම සදහා පහත සදහන් සාධක බලපායි.

1.පාරිසරික තත්වයන්.

2. කායික විද්‍යාත්මක තත්වයන්.

3.මහාජිව් හා ක්ෂුද්‍ර ජිවින්ගේ බලපැම්.

4.ඌණාතා රෝග.

Plant-a-Seed

ඉහත කරුණු 4 න් ශාක රෝගයක් ලෙස හැදීන්වීමේදී එය නැවත ,

1.ෙජේව සාධක.

2.අජේව සාධක.

                        ලෙස ශාක රෝග ඇති වන කරුණු කාරණ අනුව වර්ග කල හැකිය.

මෙහි දී අජීවී කාරක මගින් ඇතිවන රෝග තත්වයන් බැක්ටිරියා,දිලිර,Virus,Nemtoda,මයිකෝපලාස්මා නිසා ශාකයන්ට වැළදියහැකිය.

Advertisements


Leave a comment

ශාක virus

හැමෝටම සුභ නව වසරක් වේවා.මටනම් අලුත් අවූරුද්ද හොද මදි නමුත් ඔයාලගෙන අලුත් අවූරුද්ද හොද කරන්න එපා යේ..

අපි පාඩම පටන් ගමු.

අද අපි ශාක virus ගැන තමා කතා කරමු.

මේවා ඉතා කුඩා ජීවි විශේෂයක් වන අතර ශාක වලට රෝග රාශියක් ඇති කරයි.ශාක රෝග පැතිරිමේ වෛරස් අනුව මේවා කාණ්ඩය 4 කි.

1.යුෂ මගින්.

2.බද්ධ කිරීම මගින්.

3.කුමින් මගින්.

4.බිජ මගින්.

වෛරස් රෝග ලෙස රෝග කීපයක් හඳුන්වා දිය හැක.

1.දුම්කොළ වීචිත්‍ර වෛරස් රෝගය.

2.කෙසෙල් වද පිදීම

3.බෝංචි පත්‍ර වීචිත්‍ර රෝගය.

4.කහපාට වීචිත්‍ර වෛරස් රෝගය.

ඉහත ආකාර වෛරස් රෝගයන් ට අමතරව ශාක වලට වටපණු හෙවත් Nematoda,වන්ගේද හානි සිදු වේ.මෙම පණුවන් බොහෝ විට පසේ ජිවත් වෙමින් ශාක මුල් අසාදනය කරයි. මෙම Nematoda වන් මුලේහි විකෘතියක් ඇති එහි රැදි පවතීන අතර එම සිදුරු තුලින් බැක්ටිරිය හා දිලිරයන් ඇතුලු වේ.

පසේ ජල වහනය දුරුවලනම් නම් Nematoda හානිය වැඩි වන්න පුලුවැනි.


Leave a comment

දිලිර රෝග

මෙම දිලිර රෝග වැඩිපුරම ප්‍රචාරණය වන්නේ මතෝප ජීවි දිලිර හා පරපෝෂී දිලිරයන් මගින් ය.මෙහි දී  දීරා යන ශක හා සත්ව නොව ද මතෝප ජීවි දිලිර ලෙස ද සජීවී ශාක හා සත්ව පටක ලෙස ද ජීවින් මත දිලිර පරපෝෂී දිලිර ලෙස හැදින්වේනවා.

මේ පරපෝෂී දිලිරයන් කාණ්ඩ තවත් වර්ග 2 කි.

‌‍‌1.අනිවර්ය්ය පරපෝෂි,

මෙහි දි මුළු ජීවන චාක්‍රයම ජීවි පටකමත යැපෙන දිලිර මෙම වර්ගය වේ.

2.ෛවකල්පිත පරපෝෂි,

මෙම දිලිර ටික කාලයක් තම ජිවන චාක්‍රය සජීවී පටක මත ද ඉන් පසු ව වියෝජනය වන කාබනි ද්‍රවය මත ද යැපේ.

මේවායේ රෝගී තත්ව ලෙස,

                              1.තැනින් තැන ඇතිවන පුල්ලි.

                              2.ශාක පටක වල කුණු වීම.

                              3.අංගමාර තත්වයන්.

                              4.මැල ව්මේ තත්වය ද දැකිය හැකි වේ.

දිලිර රෝග සැලකු විට ඉහත ආකාරයේ රෝග බහුලව දැකිය හැකි අතර ,මෙම දිලීරයන් මගින් සූවය කරන ලබන විවිධ එන්සයිම මගින් ශාක පටක කුණු වීම් දැකිය හැකිය.මෙහි දි මාසල පටක කුණු වු විට එය තෙත් කුණු විම ලෙස ද වියලි තද පටකයන් වියලි කුණු විම ලෙස ද හැදින්වේ.සමහර ශාකයන් මුල් පද්ධතියට පංශු දිලිරයන් ගේ හානි ඇති විම නිසා මැලවිම සහිත තත්වයන් දකින්න පුලුවන්.

පහත දක්වා තියන උදාහරණය බලන්න.

  • ගෝවා ඇතුලත් Cruciferae කුලයේ බෝග වල දිලිර මගින් බොහෝවිට ඇති වෙන්නා වූයේ මුල් අශ්‍රීත පාද මුල් රෝග ය.රාබූ,නොකොල් වලටත් මේයට වලංගුවේ.
  • Solanaceae  කුලයේ බෝග පස්චම අංගමාර තත්වයන් ඇති වේ.අර්ත්පල්,බටු,මිරිස්,තක්කාලි,දුම්කොළ වැනි බෝග  අයත් වේ.මෙහි රෝග කාරකය Phytophthora infestans දිලිර ය යී.
  • බිබිලි අංගමාර තත්වය තේ,පිණිජම්බු වල දකින්නට පුලුවැනි.මේකේ රෝග කාරකය තම Exbasidium vexans.දැකලා ඇති මේක නම්,
  • අංකුර හ ඵල කුණු වීම් පොල් හා පුවක් වල.රෝග කාරකය phytophthora palmivora.
  • කොළ පාඵව pyricularia oryzae.හොඳම උදාහරණය තමා වී.
  • මලකඩ රෝගය puccinia graminis,මේකටත් වී සහ බඩඉරිගු අයත් වෙනවා.
  • පත්‍ර ලප රෝගය cercospora spp.මේක නම් ගොඩක් බෝග වලට වැලදෙනවා.

ඉදිරි posts වලදී ආයේත් හමුවෙමු.

 


Leave a comment

බැක්ට්රියා රෝග

අන්වීක්ෂීය සියුම් ජීවින් සමුහයකි.වියාජජනක දඩු ආකාරයේ හැඩය සහිත බැක්ට්රියා ශක වලට හානි කිරීම වැඩිපුර සිදුකර යි.ස්ව‌භාවික පූටීකා සිදුරු හා ජල ජිද මගින් ශාකයට ඇතුළු වේ.දිලිර වලට වඩා සීග්‍ර වර්ධනයක් සහ පැතිරිමක් ද පෙන්වයි.සුළගේ පාවි යා හැකිය.

බැක්ට්රියා රෝග වල ලක්ෂණ:

  • මෘදු කුණු විම.>

බැක්ට්රියාවන් විසින් සූවය කරන පෙක්ටීනෙට් එන්සයිම ය මගින් ෛසල බිත්ති වල ඇති කැල්සියම් පෙක්ටේට් දිය වි පටක බිදී මෘදු දියාරු දුව්‍යක් බවට පත් වේ.ශාක කොටස් තද බව නැති වි යයි.

උදාහරණ: ගෝවා,කැරට්,වැටකොළු,පතෝල.

  • කොල පුල්ලි ඇති විම.>

ජලය හොදින් තෙත් වු තැනින් ඇතිවන ප්‍රදේශික පුල්ලි කොල පුල්ලි වේ.මෙම පුල්ලි පසුව සිදුරු තත්වයනට ද පත්විය හැකිය.මෙය ශාක පත්‍ර වල වැඩි පුරම දැකිය හැකි ය.මේවැනි තත්වයන් එළවළු වගා වේ දි (ගෝවා,කරවිල,වැටකොළු මිරිස්)දැ කිය හැක.

  • අංගමාර තත්වයන්.>

මෙහි දි ශාක වල පුරෝහ කොටස් සහ නාරටි දැඩි ලෙස අක්‍රමණය කල කුණු විම දැකිය හැක.මෙවැනි ශාක වල වර්ධනය ඇන හිටී.

  • සනාල කලාප මැලවීම.>

මෙහිදී ප්‍රථමයෙන්ම මුල් අක්‍රමණය කරන බැක්ට්රියාවන් පසුව මුළු ශාකයම මැලවිම සිදු කරයි.සමස්ථ සනාල කලාප ප්‍රදේශය පුරාම බැක්ට්රියා අක්‍රමණය නිසා රෝගී තත්ත්වය පැතිර යා හැකිය.